ගුරු සේවයට යන්න කැමැත්තෙන් ඉන්න ඔබට මෙන්න ආරංචියක්

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com 

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ජාතික හා පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු  36178ක් පවතින බැව් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ඒ අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4484කි.

පළාත් සභා පාසල් අතුරින් වැඩිම ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක්  පවතින්නේ  නැගෙනහිර පළාතේ වන අතර එම සංඛ්‍යාව 6613කි.

මධ්‍යම පළාතේ පළාත් සභා පාසල්වල ගුරු පුරප්පාඩු 6318ක්, බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු 4630ක්, දකුණු පළාතේ ගුරු පුරප්පාඩු  2513ක්, වයඹ පළාතේ ගුරු පුරප්පාඩු 2990ක්, ඌව පළාතේ  ගුරු පුරප්පාඩු 2780ක්, උතුරුමැද පළාතේ ගුරු පුරප්පාඩු 1568ක් සබරගමුව පළාතේ ගුරු පුරප්පාඩු 3994ක් සහ  උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3271ක් පවතින බවද මෙම වාර්තාවේ සදහන් වේ.

 ගුරුවරු 23,344ක්  බදවා  ගැනිම සදහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි ඇති අතර  ඉදිරියේ දි ගුරු පුරප්පාඩු සදහා ගුරුවරුන්  බදවා ගැනිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *