www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා.
හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවත් එහි දැක්වෙයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (31) පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන බවත් මෙම කාලය තුළ සාමාන්‍ය රාජකාරි සිදු කරගත හැකි බවයි.
