ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ලබන ජූනි මාසයේදී ආරම්භ කළ යුතු බවට රජයේ දේශපාලන නායකයන් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

මේ සතියේ රැස්වූ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා වන දේශපාලන කමිටුව විසින් මෙකී යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙම දේශපාලන කමිටුවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ටිරාන් අලස් මෙන්ම මන්ත්‍රීන් වන නිමල් ලංසා, අනුර යාපා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

මෙයට පෙර බැසිල් රාජපක්ෂ සමඟ ජනාධිපතිවරයා සහ මෙම මැති ඇමැතින් පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීද අවධාරණය කර තිබුණේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවයි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *