යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ තීරණයක්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවු බවයි එහි ලේකම් කේ. ඩී .එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ.

එහිදී ලැබී ඇත්තේ, එක් අභිලාශ යෝජනාවක් පමණයි.

ඒ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග සංවර්ධනයට තීරණය කළ බව, රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා යෝජනා සකස් කෙරෙනු ඇති.
මේ අතර ලබන ජූලි මාසයේ සිට එයාර් ඉන්ඩිගෝ ගුවන් සමාගම, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ වන විට යාපනය ගුවන් තොටුපොළේ මෙහෙයුම් සිදුකරන්නේ, එයාර් එලයින්ස් ගුවන් සමාගම පමණයි.

එයාර් එලයින්ස් ගුවන් සමාගම, දෛනිකව කොළඹ සහ චෙන්නායි අතර එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරනු ලබනවා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *