නැවත රට භාරගැනීම සඳහා මම රනිල්ට සහය වෙනවා – ලොහාන් රත්වත්තේ

නැවත රට ගොඩගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඒ අද(04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත සින්නක්කර ඔප්පු 1340ක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මහතා

ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *