අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් වනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු මෙම තහනම බල පැවැත්වෙනු ඇති බවයි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
sfmnewslk.com
