සන්නිවේදනයේ නව දැක්මක් අවශ්‍යයි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

වර්තමාන ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායික මාධ්‍ය ඉලක්ක කර ඇති බැවින් digital සහ ප්‍රජා මාධ්‍ය සඳහා වැඩි අවධානයක් යොමු කරන මෙන් මාධ්‍යවේදී තිළිණ අලාකෝන් මහතා අවධාරණය කර සිටි.

ජංගම දුරකථනය හරහා තොරතුරු වාර්තාකරණය (MOJO) සහ ඩිජිටල් නිර්මාණකරුවන් වැනි නව මාධ්‍යය ක්‍රමවේදයන් ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීමේ වැදගත්කම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

ගොවීන් ධීවරයන් සහ පාසල් දරුවන් වැනි ප්‍රජාවන්ට තම ගැටලු ජාතික මට්ටමට ගෙන ඒමට ප්‍රජා මාධ්‍ය භාවිතය පුහුණු කළ යුතු බවද ඔහු කියා සිටි.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තාක්ෂණික පහසුකම් පාරිභෝගික අයිතිවාසිකම් සහ ඩීජිටෙල් මාධ්‍ය සඳහා රාජ්‍ය අනුග්‍රහය වැනි කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

නව සමාජ මාධ්‍යය භාවිතය කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙන ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *