ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වීම ඉතා බරපතලයි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට පත්වීම ඉතා බරපතල තත්ත්වයක් බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

ඒ අතර මේ රට මත් උවදුරින් මුදා ගැනීම සඳහා වත්මන් රජය අවංක වුවමනාවකින් කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව උන්වහන්සේ සදහන් කළේය. තරුණ පරපුර මත් උවදුරින් ගලවා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් උන්වහන්සේ වදාළහ.

මහනාහිමි එසේ පැවසුවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන අය ඊයේ (27) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *