වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 04 දෙනෙකු රිමාන්ඩ්

BBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කුලියාපිටියේ පිහිටි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නවක වදය ලබාදීමේ සිද්ධියක් අතරතුර දෙවන වසරේ සිසුවෙකුට ශාරීරිකව පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සිසුන් හෙට්ටිපොල, කටුපොත, මරකවිල සහ උකුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් දැනට වයඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබයි.

පහරකෑමට ලක්වූ සිසුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සැකකරුවන් තහවුරු කිරීම සඳහා මූලික හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්විය යුතු බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *