අද පස්වරුවේ තද වැසි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව පවසයි.

ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *