දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා,වයිරස් උණ ද ව්‍යාප්ත වී මේ දැඩි අවධානමක් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ දරුවාට වමනය, බඩඑළිය යන රෝග ලක්ෂණ තිබේ නම් වහාම දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

දරු­වන්ට යම් රෝග ලක්ෂ­ණ­යක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේ­කය දීමට මවු­පියයන් කට­යුතු කළ යුතු බවයි, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *