යළි ඉන්ධන මිල එකවරම ඉහළ යයි? – 2024 අප්‍රේල් 21

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද ඉන් බරපතල අවදානම් සහගත තත්වයක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඉන්ධන ගෙන්වීමේදී ශ්‍රී ලංකාව ඉරානය සමඟ සෘජු සබඳතා නොපැවැත්වුවද ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා රටවල ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන්නේ ඉරානය බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

ඊශ්‍රායලය ඉරානයට පෙරේදා (19) මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

මධ්‍යම ඉරානයේ ඉස්ෆහන් පළාත ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කෙරිණු මෙම ප්‍රහාරයෙන් ඉරානයේ ආභ්‍යන්තර ගමන්ද තාවකාලිකව අත්හිටුවා ඇත.

එසේම විදෙස් පුවත් වාර්තා සඳහන් කළේ, ඇමරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට විවිධ සම්බාධක පනවා ඇති බවයි.

ඊශ්‍රායලය ලිබියාවේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු දහතුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ඉරානය ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ඩ්‍රෝනා සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ කළ අතර, ඊශ්‍රායලය ඉරානයට පෙරේදා ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට එකට එක කිරීමක් ලෙස යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

මේ තත්වය යටතේ දෙරට අතර ගැටුම් සහ එදිරිවාදිකම් ඉතිරි දිනවල තවදුරටත් වැඩිවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයෝ අනුමාන කරයි.

එසේම ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්ද පවතින බවයි.

මේ අතර, ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට තොරතුරු වාර්තා වුණා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *