මෙවැනි අර්බුද මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන බව පැවසූ හිටපු ලේකම්වරයා, පක්ෂයේ බලය අල්ලා ගැනීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරින් සභාපතිවරයා හරහා තමා ලේකම් ධුරයෙන් ඉවත් කළ බවද කීය.
ලේකම් ධුරයෙන් ඉවත් යන විට ඊළඟට පහර දෙන්නේ ඔබතුමාට යැයි තමා එදා මෛත්‍රීපාල සිරිසේන ට පැවසූ බව සිහිපත් කළ ජයසේකර මන්ත්‍රීවරයා, මේ වන විට එය සත්‍යයක් වී ඇතැයිද පැවසීය.
දැනට වාරණයට ලක් කර සිටින සභාපතිවරයාට එරෙහිව ඇති නඩුවේ තුන්වෙනි වග උත්තරකරුවන්නේ නිමල් සිරිපාල ද සිල්වා යැයි පැවසු හිටපු ලේකම්වරයා හොර දේශපාලන මණ්ඩලයක් ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත් කර ගෙනඇතැයි ද කීය.
මේ ඉතාම කූට ලෙස සැකසූ උපක්‍රමයක් බව පැවසූ ජයසේකර මන්ත්‍රීවරයා මෙම කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම යැයිද අවධාරණය කළේය.
sfmnewslk.com
