ඔටාවා ඝාතකයා ඇප එපා කියයි

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසනවා.

19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

අධ්‍යාපන කටයුතු සඳහා කැනඩාවට ගොස් සිටි ඔහු ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *