ඇමෙරිකාවේ තීරු බදු ප්‍රශ්නය පිළිබඳ ජනපතිගෙන් පැහැදිලි කරයිජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

“ඇමරිකා එක්සත් ජනපදය විසින් අපිට ඉදිරිපත් කරන ලද තීරු බදු පිළිබඳ ප්‍රශ්නය ගැන මම පැහැදිලි කිරීමට කැමතියි. පසුගිය අප්‍රේල් 02 වන දා ප්‍රකාශයට පත් කළා අප්‍රේල් 09 වන දා සිට මෙය බලපැවැත්වෙනවා කියලා. එක්සත් ජනපදය එවන් බදු ප්‍රමාණයක් අපේ රටට පනවන විට ඔවුන් තීරණය කළ මූලධර්මයක් තිබුණා. රටවල් දෙක අතර පවතින වෙළෙඳ පරතරයේ ප්‍රතිශතයෙන් හරි අඩක් තමයි අපේ බදු ප්‍රතිපත්තියට නම් කළේ. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය 88%ක් තිබෙනවා. එයින් අඩක් තමයි 44%ක් කියන්නේ. එහෙම තමයි අපිට 44%ක බද්දක් ලැබුණේ. මම දැක්කා ඒ අවස්ථාවේත් විපක්ෂය ප්‍රකාශ කළා ලංකාවට 44%ක් පැනවීම ආණ්ඩුවේ අසාර්ථකභාවය කියලා. එය ආණ්ඩුවේ අසාර්ථකභාවය නොවෙයි. මෙම බදු පැනවීම සඳහා ඔවුන් සකස් කළ මූලධර්මයයි.

විශේෂයෙන් අපි එක්සත් ජනපදය සමඟ මේ සාකච්ඡාවලට අවතීර්ණ වූයේ යම් අසීරු තත්ත්වයක සිටින විට බව විවෘතව පිළිගත යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. අනෙක් පසින් ගත් විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ජනගහණයේ සහ ආර්ථිකයේ තිබෙන විශාලත්වයේ වෙනස්කම් අනුව සැසඳීමේදී එක්තැනකට ගෙන ඒමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ වගේම අපේ අපනයන 25%කට වැඩි ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට, ඒ නිසා එය අපේ අපනයන ආර්ථිකයට විශාල බලපැමක් ඇති කිරීමේ අනතුරක් වෙනවා. ඒ වගේම අපේ ඇඟලුම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට. ඒ නිසා කම්කරුවන් ලක්ෂ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක සෘජු රැකියාවලට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.

ඒ නිසා අපි මේ සාකච්ඡාවලට ප්‍රවිශ්ට වන්නේ යම් අසීරු අඩියක සිට. ඒ අනුව අපි ඉතා ප්‍රබල කණ්ඩායමක් නම් කළා. මෙහි පියවරෙන්, පියවර ගානේ රතිඤ්ඤා දාන්න හෝ අත්පොළසන් දෙන්න, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රඟ දැක්වීමට අපිට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හැබැයි, අපි මේ ගැඹුරු අර්බුදයේ ස්වභාවය හඳුනාගෙන සිටියා. ඒ නිසා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන ගියා. අපිට අවශ්‍ය වුණා මෙම සාකච්ඡා ඉතා හොඳින් අවසන් කර රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අන්දමට මෙම ගැටලුව විසඳා ගන්න.

එම අභියෝගය අපි ඉතා සාර්ථකව නිමා කළා. එහිදී එක්සත් ජනපදය විසින් අපිට ඉදිරිපත් කළ යෝජනා තිබුණා. එම යෝජනා පිළිබඳ අපි සාකච්ඡා මට්ටමේ සිටිනවා. මේ වන තෙක් කිසිදු අවසන් එකඟතාවකට පැමිණ ගිවිසුමක් අත්සන් කර නැහැ. එහෙත් සාකච්ඡාවල යම් එකඟතාවලට අපි පැමිණ තිබෙනවා. පැවති සාකච්ඡා ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. එය ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවේ වැදගත් පියවරක් ලෙස අපි සලකනවා. රටේ ව්‍යාපාරවලට, රටේ කර්මාන්තවලට කවර ආකාරයේ බලපෑමක් සිදු වෙනවාද කියන කරුණු පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කරමින් තමයි අපේ සාකච්ඡා කණ්ඩායම මේ සාර්ථකත්වයට ගමන් කළේ. එසේ නොමැතිව කාමරයක් ඇතුළේ හතර, පස් දෙනෙක් කරන කුමන්ත්‍රණයක් ලෙස නොවෙයි, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු කළා.

එම නිසා ඇමරිකා එක්සත් ජනපද බදු පිළිබඳව විපක්ෂයේ චෝදනා මෙතැනින් අවසන් වෙනවා. අපිට බාහිරව තිබුණු අභියෝග 03ක් තිබුණා. ඒ එක්සත් ජනපද බදු , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා ජී.එස්.පී බදු සහන වැඩසටහනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විවිධ කණ්ඩායම් අසත්‍ය කරුණු සමාජ ගත කළා.

නොවැම්බර් මස 16 වෙනි දා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි සාකච්ඡා කළා. අපි තුන්වෙනි සමාලෝචනය ඉතා සාර්ථකව අවසන් කළා. සේවා බද්ද කල් දමා ගැනීමට අපි කටයුතු කළා. සිව් වන සමාලෝචනයත් නිසි පරිදි අපි අවසන් කර තිබෙනවා.”

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage ‪+94750119199‬

🔴 Follow us on Website News 👉

BBCMirror.lk

CNN-Mirror.co

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on
YouTube 👉

🔴Sfm news And Asia news Plus One

🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴please subscribe YouTube

🔴BBC MIRROR MEDIA

🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-

🔴Please Like & Follow
Facebook

BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Please Follow us WhatsApp group

🔴Sfm news
🔴Asia News Plus One

https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c

🔴please Follow us
WhatsApp Group

🔴BBC Mirror
🔴CNN-MIrror

Leave a Reply

Your email address will not be published. Required fields are marked *