ඌවට සැප වාහන විකිණීමට මිල ගණන් කැඳවයිBBCMirror.lk .CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සැප වාහන විකිණීමට මිල ගණන් කැඳවයි
ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබෙන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය පවසනවා.

පසුගිය කාලයේ ඌව පළත් සභාවේ මැති ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් මෙම වාහන භාවිතා කිරිම නිසා වාහන නඩත්තුවට සහ ඉන්ධන සදහා විශාල මහජන මුදලක් වැයවී තිබෙන නිසා ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන පරිහරණය කරන අති සුඛෝපභෝගි වාහන වැඩි මුදලට විකිණිමට කටයුතු කර තිබෙනවා.

මෙම වාහන සදහා ලංසු කැදවා තිබෙන අතර, අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිළ ගණන් ලබාදී තිබෙන ගැනුම්කරුවන්ට වාහන විකිණිමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *