ජනපතිගෙන් උපදෙස්. ඇමති බිමල් නිරීක්ෂණට.
“දෙහිවල දුම්රිය ස්ථානයේ පවතින අනාරක්ෂිත භාවයට පිළියමක් වශයෙන් ඒ වටා තාප්පය දිගු කිරීම, දුම්රිය මගී ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, දුම්රියෙන් කරනු ලබන භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලයීම, ආබාධිත දුම්රිය මගීන් සඳහා පහසුකම් සැපයීම මෙන්ම හඳුනාගත් තවත් අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා” යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ, (17) දින පෙරවරුවේ දෙහිවල දුම්රිය ස්තානයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීම වෙනුවෙන් ලබාදුන් උපදෙස් හා අනුමැතිය මත, අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබේ. දෙහිවල මහනගර සභාවේ නගරාධිපති, ශ්‍රී ලංකා පොලීසියේ සහ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,
“ජනාධිපතිතුමාගේ උපදෙස් හා අනුමැතිය පරිදි, දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙල සඳහා නිරීක්ෂණයක් අද සිදුවෙන්නේ. මෙම දුම්රිය ස්ථානය අසල බස් රථ විශාල ප්‍රමාණයක් නතර කරනවා. එම බස් වලින් පැමිණෙන පිරිසට මෙන්ම දුම්රිය මගීන්ට වැසිකිලි පහසුකම් නෑ. ඒ පිළිබඳවත්, සංචාරක ආකර්ෂණය වැඩිකර ආර්ථිකමය වශයෙන් වර්ධනයක් ඇති කිරීම සඳහාත්, දෙහිවල දුම්රිය ස්ථානය සතු, මේ වනවිට ප්‍රයෝජනයකට නොගන්නා භූමි භාගය, නගර සභාව වෙත බදු පදනම මත ලබාදී, එහි වැසිකිලි පද්ධතියක් මෙන්ම සංචාරකයන් වෙනුවෙන් භෝජනාගාර පහසුකම් සහිත වෙළඳසැල් ඉදිකිරීමට පියවර ගන්නවා. ඒ සඳහා වන සැලැසුම් මේ වනවිටත් සකස් කර තිබෙන අතර මාගේ අධීක්ෂණයටද ඉදිරිපත් කරනු ලැබුවා. දෙහිවල දුම්රිය ස්ථානය පිළිසකර කිරීම තවත් මාස දෙකකින් ආරම්භ කෙරන අතර දෙවෙනි අධියර වශයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට අදහස් කරනවා” යැයි පැවසීය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website News 👉
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on
YouTube 👉
🔴Sfm news And Asia news Plus One
🔴https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴please subscribe YouTube
🔴BBC MIRROR MEDIA
🔴https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
🔴Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Please Follow us WhatsApp group
🔴Sfm news
🔴Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
🔴please Follow us
WhatsApp Group
🔴BBC Mirror
🔴CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS



