එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානයට පහර දීමට ඊශ්‍රායලය කටයුතු කළහොත්, ඊට තමන් සහභාගී නොවන බව ඇමරිකාව ඊශ්‍රායලයට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩ්‍රෝන යානා සහ මිසයිල තුන්සියයක් පමණ යොදා ගනිමින් ඉරානය ඊයේ ඊශ්‍රායලයට පහර දුන් අතර, එම පහර දීම සිදු කරන ලද්දේ, අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායල හමුදා විසින් සිරියාවේ පිහිටි සිය කොන්සියුලර් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස බව ඉරානය නිවේදනය කළේ ය. ඊයේ එල්ල කළ ප්‍රහාරයට පසුව ඉරානය පැවසූවේ “දැන් ගිණුම සමතුළිතයි” බවයි. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක සන්නිවේදන උපදේශක ජෝන් කර්බි පවසා ඇත්තේ, තමන්, ඊශ්‍රායලය සහ ඉරානය අතර පුළුල් ගැටුමක් ඇති වීම වැළැක්වීමට කටයුතු කරන බවයි.රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ එකී පණිවිඩය ඉරානයටද යවා ඇතැයි ඔහු වැඩි දුරටත් පවසා තිබේ. එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බව ජෝන් කර්බිද ප්‍රකාශ කර තිබේ. නමුත්, ඊයේ එල්ල වූ ප්‍රහාරයට ඊශ්‍රායලය දක්වන කිසිදු ප්‍රතිචාරයකට තමන් එක් නොවන බවද කර්බි වැඩි දුරටත් පවසා තිබේ.
sfmnewslk.com
