ත්‍රීපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

රට පුරා ත්‍රීපෝෂ නිෂ්පාදන අලෙවිසැල් සියයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම පැය 24 පුරා නිෂ්පාදන කටයුතු සිදුකෙරෙමින් එම නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීම ද සිදුවනවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කඳානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ත්‍රීපෝෂ නිෂ්පාදනය හා ඒවා දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලුවා.

එමෙන්ම ත්‍රීපෝෂ සමාගමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද සොයා බැලුවා.

එමෙන්ම ප්‍රචාරන කටයුතු, අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීම, ප්‍රවාහන හා මානව සම්පත් නිවැරදි ලෙස භාවිත කිරීම ආදිය පිළිබදව ද මෙහිදි අවධානය යොමුව තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයකට දුම්රිය යොදා ගනිමින් ත්‍රීපෝෂ බෙදා හරින අයුරු අමාත්‍යවරයා නිරීක්ෂණය කළා.

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි නව සභාපති අමල් අත්තනායක මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

ජාඇළ කපුවත්ත ත්‍රීපෝෂ අලෙවිසැලෙන් මේ වන විට මෙම නිෂ්පාදන අලෙවි කෙරෙනවා.

ඉදිරියේ දී රට පුරා අලෙවි සැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *