අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩුව ගැන නවතම ආරංචිය මෙන්න2024 අප්‍රේල් 13,sfmnewslk.com

රජය විසින් පසුගිය බ්‍රහස්පතින්දා අප්‍රේල් මස 15 වැනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනක් ලෙස ප්‍රකාශයට පත් කරනු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින්.පවසනවා
කෙසේ වෙතත් එය බැංකු සහ වෙළඳ අංශවලටත් බලපානවා දැයි පැහැදිලිව සඳහන් කර නොමැත.

ඒ හේතුවෙන් බොහෝ පාර්ශව විවිධ අපහසුතාවලට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසීමක් කළා.

එහි දී 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බවයි, එහි ලේකම්වරයා කියා සිටියේ.

මෙම නිවාඩුව ලබා දෙනවා ද නැද්ද යන්න බැංකු සහ වෙළඳ අංශ නියෝජනය කරන ආයතන තීරණය කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර ඇතැම් පෞද්ගලික ආයතන විසින් ද සිය සේවකයන්ට 15 වනදා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බවටයි අනාවරණ වූයේ.

කෙසේ වෙතත් බැංකු නිවාඩු සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *