Ready to lead a journey that unites all the forces of the opposition for a strong public service – Sajith


asianewsplusone.com sfmnewslk.com

The Opposition Leader said that he pays tribute to the people who voted for the Samagi Jana Balawegaya and supported it amidst insults, threats, threats, mudslinging, conspiracies and challenges, and that he pays tribute to all the countrymen who came forward to strengthen the democracy of our country and supported this election.

The government, which recently received two large mandates in the Presidential and General Elections, has suffered a huge decline in a short period of 6 months, and the people of the country have given a message to unite all the opposition and work together, and that the JVP conducted this local government election in the same way as the Presidential election and that they even used religion for the election, said Opposition Leader Sajith Premadasa.

Opposition Leader Sajith Premadasa made this statement today in a special statement.

The people of the country have now put an end to lies and have approved a truthful public service. The Opposition Leader further said that the Samagi Jana Balawegaya is ready to provide leadership for this challenging responsibility in the public opinion that all forces in the opposition should come together to defeat lies and provide a truthful and strong public service.

As people who protect democracy, bowing to the public opinion, bringing all the opposition together, expecting the people, will perform a great service to the people of the country through transparency, principle-based unity and respect for the people, and the Samagi Jana Balawegaya will provide leadership for that, Opposition Leader Sajith Premadasa further said.

ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය දෙනවා – සජිත්

අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරිමට සහයෝගය ලබා දුන් සියලුම රට වැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව ඇති බවත් රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත් මොවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා ඇති බවත් රටේ ජනතාව සත්‍යවාදී මහජන සේවාවක් අනුමත කර ඇති බවත් බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි කියන ජන මතය තුළ මේ අභියෝගාත්මක වගකීම වෙනුවෙන් නායකත්වය ලබා දෙන්න සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කර ගෙන ජනතාව අපේක්ෂා කර විශිෂ්ට ජනතා සේවාවක් විනිවිදභාවයෙන් යුක්තව ප්‍රතිපත්ති ගරුකව එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *