පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය
අද පස්වරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
sfmnewslk.com
