රාමසාන් දිනය වෙනුවෙන් ඉස්ලාම් ආගමික රැඳවියන් ගැන විශේෂ තීරණයක්sfmnewslk.com

බන්ධනාගාර දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටින ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට අදාළ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරනවා.

ඒවගේම ඉස්ලාම් ආගමික රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක් රැගෙන ඒමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ඒවා ලබාදීමට සියලු බන්ධනාගාර ආයතන කටයුතු කරනු ඇති බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *