අප්‍රේල් 12 සහ 13 අරින්න අවසර බාර් මෙන්නsfmnewslk.com

අප්‍රේල් මස 13 වනදාට යෙදී ඇති අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළඹෙන 12 සහ 13 යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවේ.

  1. 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
    sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *