Increase in childhood asthma patients due to rising dust levels


asianewsplusone.com sfmnewslk.com

Doctors say that there is a significant increase in the number of children suffering from asthma these days due to the high levels of dust in the air.

A significant number of these children are being admitted to hospitals, says Dr. Deepal Perera, a pediatrician at the Lady Ridgeway Children’s Hospital in Borella.

He also points out that since there is a significant increase in asthma patients in the hospital, parents should seek immediate medical attention if their child has a persistent cough or difficulty breathing, especially at night.

Pointing out that the most effective treatment for childhood asthma is inhalers and steaming, Dr. Deepal Perera says that there should be no fear of using them.

He also warns that children may be exposed to high levels of dust due to ongoing sports competitions and school cricket matches, which may increase their risk of developing respiratory problems.

Dr. Deepal Perera also recommends that children be bathed for at least 20 minutes in the morning and evening to prevent dry skin.

He also emphasizes the importance of keeping children indoors as much as possible to protect their health during the current dry weather.

දූවිලි මට්ටම් ඉහළයෑම නිසා ළමා ඇදුම රෝගීන්ගේ වැඩිවීමක්

මේ දිනවල වාතයේ පවතින අධික දූවිලි මට්ටම හේතුවෙන් ඇදුම රෝගයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව වෛද්‍යවරු පවසති.

එම ළමුන්ගෙන් සැළකිය යුතු පිරිසක් රෝහල්වලට ඇතුළත් වන බව ද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

එමෙන්ම, ඔහු පෙන්වාදෙන්නේ රෝහල තුළ ඇදුම රෝගීන්ගේ සැළකිව යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින්, විශේෂයෙන් රාත්‍රියේදී තම දරුවාට දිගින් දිගටම කැස්සක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මව්පියන් කටයුතු කළ යුතු බවයි.

ළමා ඇදුම සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාරය inhalers සහ steaming කිරීම බව පෙන්වාදෙන වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ, ඒවා භාවිත කිරීම පිළිබඳ බියක් ඇති කර නොගත යුතු බවයි.

දැනට පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි අතර, එමගින් ඔවුන්ගේ ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා නිර්දේශ කරන්නේ, සම වියළීම වැළැක්වීම සඳහා අවම වශයෙන් උදෑසන සහ සවස විනාඩි 20ක්වත් දරුවන් ස්නානය කළයුතු බවයි.

පවතින වියළි කාලගුණය තුළ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂා කරගැනීම සඳහා හැකිතාක් නිවෙස් තුළ තබාගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කරයි

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *