asianewsplusone.com sfmnewslk.com
It states that the primary cause of the power outage has been identified as the low electricity demand on Sunday afternoon and the relatively low stability of a large percentage of the total electricity generation.
However, they have also stated that this situation needs to be confirmed through a proper investigation.
The national power system, which was unstable due to a sudden power outage at the Panadura substation due to low electricity demand and high solar power generation, became unbalanced and the automatic emergency breakdown management process was unable to restore the system, resulting in a power outage across the entire island.
Although the national power system came close to such a dangerous situation on several previous Sundays, the engineers’ association says that a complete power outage was prevented due to the skill of the Ceylon Electricity Board’s system control unit.
However, they are of the opinion that the total power outage could not be prevented due to the weak state of the national power system today.
The statement states that the Sri Lanka Electricity Board and the Ministry of Energy are already working together to expedite projects related to electricity storage battery facilities and water pumping stations to take necessary measures to prevent such power outages in the future.
Furthermore, due to the power outage that occurred yesterday, the Norochcholai coal-fired power plant has also collapsed, and as a result, there will be frequent power cuts across the country in the next few days, according to reports from the Sri Lanka Electricity Board.
The collapse of the power plant, which generates 900 megawatts of electricity, has created a gap between demand and supply.
CEB sources say that this will lead to a power outage.
The Electricity Board is expected to announce the scheduled power cuts for the next few days today
දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ, විදුලිය බිදවැටීමට බලපා ඇති මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බවයි.
එහෙත් මෙම තත්ත්වය නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතු බවද ඔවුන් සදහන් කර තිබේ.
පානදුර විදුලි උපපොළ ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි බිඳවැටීමක් සමග අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වූ බව එහි වැඩිදුරටත් සඳහන් ය.
ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධිවීමක් සිදු නොවී වළක්වා ගත හැකි වු බව ඉංජිනේරු සංගමය පවසයි.
කෙසේවෙතත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳවැටීම වළක්වාගත නොහැකි වූ බව අනුමාන කරන බව ඔවුනගේ අදහසයි
මෙවැනි විදුලි බිඳවැටුම් ඉදිරියේදී සිදුනොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් හා ජල පොම්ප බලාගාරවලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් පවන බව එම නිවේදනයේ සඳහන්ය
තවද ඊයේ ඇති වූ විදුලිය විසන්ධි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයද බිඳවැටී ඇති අතර, එම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රට පුරා නිරන්තර විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල වාර්තා සඳහන් කරයි.
මෙගාවොට් 900 ක විදුලිය ජනනය කරන බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉල්ලුම සහ සැපයුම අතර පරතරයක් නිර්මාණය වී ඇත.
එය විදුලි කප්පාදුවකට හේතුවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය සඳහා විදුලිබල මණ්ඩලය අද දින නියමිත විදුලි කප්පාදුව නිවේදනය කිරීමට අපේක්ෂා කෙරේ
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

