ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා ලබාදෙන කාර්යාල දීමනා හා ලිපිද්‍රව්‍ය දීමනා ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මහනගර සභා, නගර සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති අතර ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 2,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව ද රුපියල් 3,000 දක්වා ඉහළ දමා ඇති බවයි.
sfmnewslk.com
