බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේ දී විලුඹේ ආබාධයකට ලක් වීම නිසා වනිඳු ප්‍රතිකාර සඳහා යොමුවන බැවින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඔහුව සභභාගී නොකරන බව මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණේ ය.

මේ අතර, මීට දින කිහිපයට පෙර වනිදු වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබුණේ ය.ඔහු එහි දින තුනක පමණ කාලයක් රැදී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙස බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *