අභිරහස් මත්ද්‍රව්‍යයක් හේතුවෙන් සියෙරාලියෝනයේ හදිසි තත්ත්වයක්

අභිරහස් මත්ද්‍රව්‍යයක් හේතුවෙන් සිදුවූ මරණ සිය ගණනකට පසුව​, එම මත්ද්‍රව්‍යය පැතිරීම මර්ධනය කිරීමේ අදහසින් සියෙරා ලියෝනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වනවා.

මරුවානා, ෆෙන්ටැනිල්, ට්‍රැමඩෝර් ආදී ද්‍රව්‍ය ඇතුලත් බව කියන “කුෂ්” නම් මෙම මත්ද්‍රව්‍යයෙහි මිනිස් අස්ථි කොටස් ද ඇතුලත්ව ඇතැයි විශ්වාස කෙරෙනවා. වසර ගණනක් මුළුල්ලේ රටෙහි මෙම මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් වැඩි වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එමෙන්ම මෙම මත්ද්‍රව්‍යය මගින් ඇතිකළ අභ්‍යන්තර අවයව හානි වීම සහ මානසික රෝග හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කෙරෙනවා. 2020-2023 කාලය තුළ කුෂ් හා සම්බන්ධව සිය රෝහලට ඇතුල් වූ රෝගීන් සංඛ්‍යාව සියයට 4000 කින් ඉහළ ගොස් ඇතැයි සියෙරා ලියෝනයේ එකම මානසික සෞඛ්‍ය ආරෝග්‍යශාලාව පවසනවා.

අප්‍රේල් 4 වනදා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් ජනාධිපති ජුලියස් මාඩා බියෝ පැවසූයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ විශේෂයෙන්ම කුෂ් ඇබ්බැහිය හේතුවෙන් සියෙරා ලියෝනය පැවැත්ම පිළිබඳ අභියෝගයකට මුහුණ දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *