කෙහෙළියට එරෙහි අල්ලස් කොමිසමේ නඩුවට දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියමකර තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැයකර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ජී.අයි.බට මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ලවී තිබෙන බව සඳහන්. ඒ අනුව අල්ලස් කොමිසම විසින්, එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රුබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව අද (04) කැඳවා තිබුණා. එම අවස්ථාවේදී නඩු විභාගය සඳහා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා අගෝස්තු මස 29 වනදා කැඳවන ලෙස නියෝග කළා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *