සුපිරි කැසිනෝ ශාලාවක් වටලයිDecember 4, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

නීතිවිරෝධී අයුරින් මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබුදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුවයි එම වැටලීම සිදුකර තිබුණේ.

එහිදී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවයි පැවසෙන්නේ.

මහල් පහකින් සමන්විත අදාළ කැසිනෝ ශාලාවේ සෑම මහලකම පිහිටි කවුන්ටර මඟින් ඊට පැමිණෙන සාමාජිකයන්ට නොමිලේ මත්පැන් ලබාදීම සිදුකර තිබෙනවා.

නමුත් අදාළ ස්ථානයට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රය මඟින් පවත්වාගෙන යා හැක්කේ එක් මත්පැන් කවුන්ටරයක් පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම නිලධාරීන් සඳහන් කළේ, ඒ අනුව මෙමඟින් රට විශාල බදු හානියක් සිදුවන බවයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැටලීම ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ කොළඹ නගරය සුරාබදු කාර්යාලයේ ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිදුකරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *