රජයෙන් විශේෂ සහන

2024 දෙසැම්‍බර් 04,

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ය.

ඒ අනුව ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ඔහු පැවසීය.

ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 139,439 සහ පුද්ගලයින් 469,872ක් අවතැන්ව ඇති බවත් මරණ 18ක්, තුවාල වීම් 20ක්ද වාර්තා වී ඇති බව ඒ මහතා කියා සිටියේ ය.

මේ වන සුරක්ෂිත මධ්‍යස්ථාන 247ක මුළු පවුල් සංඛ්‍යාව 12,348 පුද්ගලයින් 38,616ක් රඳවා සිටි නමුත් මේ වන විට එම සංඛ්‍යාව නිෂ්චිත මධ්‍යස්ථාන 79ක් සහ පවුල් 2494ක් සහ පුද්ගලයින් 7946ක රඳවා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වක්‍රව ආපදාවට ලක්ව ඇති පිරිස මෙම අගයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් ආපදා සහන සහ පසු ආපදා සහන සැලසීමේදී රජය මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *