ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකෙරෙන සමීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවය.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදුකෙරේ.

ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බවයි.

ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිවිල් පුද්ගලයන්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වේ.

සිවිල් පුද්ගලයන් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර තිබූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

No1 News Provider in Sri Lanka

asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook –

Sfm News YouTube sfm news and asia news plus one https://

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *