2024 දෙසැම්බර් 01,
කල් දැමූ උසස් පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව උතුරු පළාතේ අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ ඇතැම් ප්‍රදේශවලින් ලබාගෙන අදාල අංශ වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.
මේ අනුව උතුරේ ඩෙල්ෆ්ට් දූපත, වැල්ලඩි සහ නාගදීප යන විභාග මධ්‍යස්ථානවලින් විභාග ප්‍රශ්න පත්‍ර ලබාගෙන උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ගුවන් හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් භාවිතයෙන් ඊයේ විභාග ප්‍රශ්න පත්‍ර මෙලෙස අදාල ස්ථානයන් වෙත රැගෙන ගොස් ඇත.
නොවැම්බර් 25 වැනිදා ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනිදා සිට දින තුනකට කල් දමනු ලැබීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාගය දෙසැම්බර් 03 වැනිදා දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 දෙසැම්බර් 04 වන දින නැවත ආරම්භ වන අතර, කල් දැමූ විභාග සඳහා සංශෝධිත කාලසටහනක් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, මඟ හැරුණු විෂයයන් සඳහා සංශෝධිත කාලසටහන පහත පරිදි වේ;
නොවැම්බර් 27 වැනි දින නොපැවැත්වූ විෂයන් – 2024 දෙසැම්බර් 21 දිනට නැවත පැවැත්වීමට සැලසුම් කර ඇත.
නොවැම්බර් 28 දින නොපැවැත්වූ විෂයයන්- 2024 දෙසැම්බර් 23 දිනට නැවත සැලසුම් කර ඇත.
නොවැම්බර් 29 දින නොපැවැත්වූ විෂයයන් – 2024 දෙසැම්බර් 27 දිනට නැවත කාලසටහන්ගත කර ඇත.
නොවැම්බර් 30 දින නොපැවැත්වූ විෂයයන් – 2024 දෙසැම්බර් 28 දිනට නැවත සැලසුම් කර ඇත.
දෙසැම්බර් 02 දින නොපැවැත්වන විෂයන් – 2024 දෙසැම්බර් 30 දිනට නැවත කාලසටහන්ගත කර ඇත.
දෙසැම්බර් 03 දින නොපැවැත්වෙන විෂයයන් – 2024 දෙසැම්බර් 31 දිනට නැවත සැලසුම් කර ඇත.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

