December 1, 2024
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one
ජාතිවාදය හෝ ආගම්වාදය නැවත වතාවක් රට ඇතුළේ අවුලුවාලීමට කිසිදු ඉඩක් නොතැබීමට ආණ්ඩුව දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
එවැනි අන්දමේ කටයුතු කරන පිරිස් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරලීමටද ආණ්ඩුව තීන්දු කොට තිබේ.
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රාජාසන කතාව පාර්ලිමේන්තුවේදී සිදු කරමින් කියා සිටියේ නැවත කිසිදු අවස්ථාවක රට ඇතුළේ ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවාලීමට කිසිවකුටත් ඉඩ නොතබන බවකි.
උතුරේ පැවැති මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ තිදෙනකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතිවාදය අවුස්සන සුළු පුවත් ප්‍රචාරය කර ඇති බවට වූ චෝදනාව යටතේය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

