වෙබ් අඩවිය අලුත් වෙයි –ඔන්ලයින් සේවා රැසක්

2024 නොවැම්‍බර් 29,
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය එළිදක්වා තිබෙනවා.

බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය එළි දක්වා තිබුණා.

ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකියි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙන්ම පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහා අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ මෙම වෙබ් අඩවිය නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙනවා.

එමෙන්ම ඉදිරියේදී පරිශීලකයින්ගේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුළ ඇතුළත් කිරීමට නියමිතයි.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *