asianewsplusone.com sfmnewslk.com
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වනවා.
ඒ අනූව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඩුව හෙටින් ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා දිනයි.
මේ අනුව සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ ලබන ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

