යාපනෙන් අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා – අයින් වෙන්න බෑ කියයි

November 21, 2024

asianewsplusone.com sfmnewslk.com

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීම ආන්දෝලනාත්මක පුවතක් බවට පත්විය.

වෛද්‍ය අර්ච්චුන රාමනාදන් චාවකච්චේරි රෝහලේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මේ වසර මුලදී සිරස්තල මැවූ අතර පසුව 2024 මහ මැතිවරණයේදී ස්වාධීනව තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.

අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් පළමු වරට මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ අසුන්ගත්තේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චූන රාමනාදන් පෙන්වාදුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් ගැනීමේ ක්‍රමයක් නොතිබූ බවයි.

විපක්‍ෂ නායකවරයාට වෙන්කර ඇති ආසනය පිළිබඳ දැනුම්දෙන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, තම අසුනෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළේ “අපි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වෙනස් කළා” යනුවෙන් ප්‍රකාශ කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *