asianewsplusone.com sfmnewslk.com
2024/11/18
පටු ජාතිවාදය වපුරා දේශපාලනය කළ මෙරට මැතිවරණ ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පවතී පළමු මහ මැතිවරණයෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවම එක පොකුරකට බද තබමින් එකම අරමුණක් කර මෙහෙය වීමට සමත් වීම ශ්‍රී ලංකාවාසී ජනතාව ලැබූ ඉමහත් භාගයක් බව සදහන් කරනු කැමැත්තෙමි.
මෙරට පැවති මැතිවරණ හා සැසදීමේදී කිසිදු පටු අරමුණු හෝ ජාතිවාදී අදහස් කිසිලෙසකින්වත් මෙම මැතිවරණයේදී ඉදිරිපත් නොවූ අතර ඊට ප්‍රධාන හේතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නායකත්වය භාර ගත් අවස්ථාවේ සිට රට තුල පටු ආකල්ප වපරිමට ඉඩ නොතැබීම නිසා බව අපගේ විශ්වාසයයි.සියලු පාර්ශව සමග එකට කටයුතු කළද වත්මන් ජනාධිපතිවරයා එතුමාගේ රට වෙනුවෙන් ඇති දේශපාලන දැක්ම රට හමුවේ නොබියව ඉදිරිපත් කිරීමට සමත් වීම මේ ලැබූ ජයග්‍රහණයට මුලික හේතුව බවද අප සලකමු.
මෙරට නිදහස ලැබූ දා සිට පවතී සෑම මැතිවරණයකදීම රටේ බලය ඉල්ලු නායකයින් ඔවුනොවුන්ගේ දේශපාලන සමාජ වටපිටාව මත තීන්දු තීරණ ගත් අතර ඒ කිසිවක් දුරදක්න නුවනින් යුතුව නොගත් ඒවා බව පසු කාලීනව රටක් වශයෙන් අප මුහුණ දුන් කටුක අත්දැකීම් වලින් පසක් විය.දශක ගණනාවක රට ලේ විලක බවට පත් කළ කුරිරු යුද්ධය හා ඒ සමග බැදුණු අදුරු සිදුවීම් සියල්ලද අවසානයේ සමස්ත රටම ලෝකය ඉදිරියේ හිගමනට ලක් කරමින් ඇති වූ ආර්ථික ඛේදවාචකයද රට පටු මතවාද සමග දියත් වූ දේශපාලනයේ ප්‍රතිඑල බව කිව යුතුය.
රට ඉදිරියේ තිබු බොහෝ ප්‍රශ්න ඉතා පහසුවෙන් සාකච්ඡා මේසයක සිට විසදාගැනීමේ හැකියාව තිබු නමුත් එම අවස්ථා හිතාමතා මග හරිමින් කටයුතු කල මෙරට අවස්ථාවාදී හා පටු දේශපාලනය ජනතාව දැවැන්ත පීඩාවකට පත් කළ බව නොරහසකි.වරෙක සිංහල බෞද්ධ අන්තවාදයද තවත් වරෙක දෙමල අන්තවාදයද තවත් වරෙක මුස්ලිම් අන්තවාදය ද ජනතාව වෙළාගෙන කටයුතු කරදිදි රටේ බිහි වූ බොහෝ නායකයින්ද එම අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් වූහ.ආගම් වාදය ජාතිවාදය යුද වාදය මෙන්ම පළාත් ප්‍රදේශ වෙන් කරමින් ක්‍රියාත්මක වූ කුලවාදයට පවා ගොදුරු වී සිටි ශ්‍රී ලාංකිකයින් මේ මර උගුලෙන් ගැලවෙන්නේ කවදාදැයි හිත ගැනීමට පවා නොහැකිව සිටියහ.
තමන් වැටී සිටින්නේ අනුන් කැපූ වලක බව ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියහ. නමුත් ගොඩ එන මාර්ගයක් ඔවුන්ට නොවිය.ඊට ප්‍රධාන හේතුව එසේ ගොඩ එන්නට තිබු සියලු මාර්ග පවා ජනතාව එම වලේ දැමු පටු අවස්ථාවාදී දේශපාලනය විසින් වසා දමා තිබීමයි.එම වලේ සිටි බොහෝ වැඩිහිටියන් සුසුම් හෙළුවේ තමන්ට කුමක් වුවද තම දරුවන්ගේ අනාගතයට සිදු විනාශය දැක මහත් වේදනාවෙනි.
පසුගිය කාලයේ මුළු ආසියානු කලාපයේම රාජ්‍යයන් එම රාජ්‍ය පාලකයින් ගෙන ගිය ජනතා විරෝධී පාලන ක්‍රමයන් හේතුවෙන් දැවැන්ත ජනතා විරෝධයකට ලක්විය. ශ්‍රී ලංකාවේ හිටපු පාලකයින්ටද එවැනිම ජනතා විරෝධයන් එල්ල වූහ.එන් රට වල ජනතා විරෝධයන් හමුවේ පාලකයින් බලය ඇත හැර දම යද්දී අපේ අමුතුම බල හුම්වමරුවක් සිදු විය.රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දුර්වලකම් උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු ආසනයක් පමණක් හිමිව තිබු මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයට පත් වී පසුව ජනාධිපති ධුරයට පත් විය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ශ්‍රී ලංකාවේ ජනතාව මේ සියල්ල දෙස මහා වේදනාවකින් බලා සිටි අතර ඔවුන් තමන්ට ලැබුණු මුල්ම අවස්ථාවේදීම එම ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලකයින් යලි කිසි දිනෙක තම අතරට ඒමට නොහැකි ලෙස ඡන්දයෙන් පලවා හැරීමට කටයුතු කළහ.ශ්‍රී ලංකාව වැටී ප්‍රපාතයෙන් ගොඩ ගනු වෙනුවට ඔවුන්ගේ උත්සාහය තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කිරීම බව ජනතාව මැනවින් තේරුම් ගෙන සිටියහ.
තමන්ට ලැබුණු පළමු අවස්ථාවෙන්ම අනුර කුමාර දිසානායක මහතාට රට භාර දීමට කටයුතු ජනතාව ඊළගට ඔහුට පාලනය පහසුවෙන් ගෙන යාම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙහි බහුතර බලයද ලබා දීමට තරම් දුර දිග හිතුවේය.මෙරට සම්ප්‍රදායික දේශපාලකයින් හැමදාම හිතු සිතිවිලි වැරදි බව ඔවුන්ට පසක කරමින් ජනතාව අන් කවරදාටත් වැඩ දේශපාලන දැනුමෙන් සන්නද්ධව කටයුතු කර තිබෙන බව පෙනී යයි.අපගේ දැනුමේ හැටියට ඒ සියල්ලටම හේතුව වත්මන් ජනාධි පතිවරයාගේ දේශපාලන දැක්ම හා දෙස් විදෙස් ජනතාව ආකර්ශනය කළ ඔහුගේ එඩිතර නායකත්වයයි.
අප යලි යළිත් සදහන් කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාවගෙන් සැදුම්ලත් එම ජනතාවගේ සබැ අභිලාෂයන් මුදුන් පමුණුවා ගත හැකි පාලන ක්‍රමයකින් හැර ශ්‍රී ලංකාව වැටී ඇති තැනින් කිසි සේත්ම ගොඩ ගත නොහැකි බවයි.වත්මන් ජනාධිපතිවරයා හා ඔහුගේ දැක්ම වටා එකතු වී සිටින පාර්ලිමේන්තුව තුල ජාතිවාදයට කිසිසේත්ම ඉඩක් නොමැති බව මැනවින් පෙනී යන බැවින් සියලු දෙනාටම එකතු වී අත්වැල් බැදගෙන මේ උතුම් ශ්‍රී ලංකාව යලි කිසිසේත්ම බෙදී වෙන් නොවන ලෙස ලොව දියුණුම රාජ්‍යයක් ලෙස ඔසවා තැබිය හැකි බව අපගේ විශ්වාසයයි.
රටේ ජනතාව බලාපොරොත්තු වූ සුවහසක් වන වෙනස්කම් අතර අපි මේ ඉදිරිපත් කරන අතිශයින් වැදගත් කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
මාධ්‍ය නිදහස # විධායක ජනාධිපති ධූරය අහෝසි කර රටට ගැළපෙන විධායක අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයක් ගොඩනැගීම සිදු කළ යුතු බව අපි යෝජනා කරමු. # මහජන ඡන්දයෙන් තේරී පත් වන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට සිය ධූර කාලය තුල කිසිදු හේතුවක් මත පක්ෂ මාරු කිරීමට නොහැකි වන ලෙස නීති සම්පාදනය කළ යුතුය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කිසිම වගන්තියක් උල්ලංඝනය නොවන ලෙස මැතිවරණ ව්‍යාපාර සිදු කිරීමත්,පාර්ලිමේන්තුව තුලදී හා ඉන් පිටදී කිසිදු ලෙසකින් සෘජුවම හෝ වක්‍රව ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ හැකි ලෙස නව නීති සම්පාදනය කිරීම සිදු කළ යුතුය. # පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන ගරු සේවාවක් ලෙස පවත්වා ගෙන යාම අතිශයින් වැදගත් වේ. මන්ත්‍රී ධූරය ගරු සේවයක් කිරීම තුලින් මේ රට දේශපාලන වශයෙන් මුහුණ දුන් බරපතළ ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව අපගේ මතයයි.
එසේම මේ රටේ නොවිසඳුණු ප්‍රශ්න රැසකට හේතු වී තිබෙන උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුව දීර්ඝ කාලීන විසදුමක් ලබා දීමට රජයේ මුල් අවධානය යොමු විය යුතුය.උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් ලෙස ඉදිරිපත් කළ පළාත් සභා ක්‍රමය පසුගිය කාලය පුරා අසාර්ථක වූ බැවින් සියලු දෙනාටම පිළිගත හැකි වඩාත් සුදුසු දේශපාලන විසදුමක් ලබා දීමට රජය පියවර ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සියලු දෙනාගේම සහාය ලබා දිය යුතුය.
ඒ සදහා සියලු මත භේද පසෙකලා එක්වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන් එම ගමනට හිතැති ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
දේශමාන්‍ය අචාර්ය එම් එම් සෆාන්
විධායක අධ්‍යක්ෂ
මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ,
අධ්‍යක්ෂ
එෂියන් නිව්ස් ප්ලස් වන්,
එස් එෆ් එම් නිව්ස්
asianewsplusone.com sfmnewslk.com

