සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ (මාලිමවේ) නායකඅනුර දිසානායක සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය.sfmnewslk.com

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කීපදෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති, එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය.

එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බවද හඳුන්නෙත්ති කීය.

ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ, එරාන්, කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස ට එම විවාදයට එන්නට බැරි නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන්නැයි කී සුනිල් හඳුන්නෙත්ති, ඉන් පසුව ඒ විවාදය කරන්නේ කෙසේදැයි කතා කර ගන්නට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ මාධ්‍ය හමුව අමතමිනි.
රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙන යැයි සුනිල් හඳුන්නෙත්ති මෙහිදී අවධාරණය කළේය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *