November 11,2024
asianewsplusone.com sfmnewslk.com
සංචාරක නවසීලන්ක කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන හා අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young ලකුණු 30 ක්, Josh Clarkson ලකුණු 24 ක් හා Mitchell Santner ලකණු 19 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4 ක්, මතීෂ පතිරණ කඩුලු 3 ක් හා නුවන් තුෂාර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 109 ක්.
