ප්‍රචාරක කටයුතු අදින් අවසන්November 11, 2024

asianewsplusone.com sfmnewslk.com

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ.

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු කිසිදු ප්‍රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් ඡන්ද ආයාචනා කිරීමට ගෙයින් ගෙට යෑමද පෙළපාළි පැවැත්වීම ද නීති විරෝධී බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *