එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල්අලෙවිය සපුරා තහනම්

November 7,2024

asianewsplusone.com sfmnewslk.com

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි (05) දින තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ සහභාගිත්වයෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් (05) දින පස්වරුවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල රැස්විම් ශාලාවේ පැවති කමිටු රැස්විමේදි මෙම තිරණය ගැණින.

මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සීත ගගුලේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ධර්ම සුගන්දය මනුසත් සුභ සාධක පදනම මගින් විශාම පිරිවැයක් දරා වන්දනාකරුවන්ට නොමිලේ පානිය ජලය ලබාදිමට අවශ්‍ය කටයුතු මේ වන විට ගෙන ඇති බවත්, සීත ගගුලේ සිට ඉදිකටුපහණ දක්වා යොදා ඇති ජල නල සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ වන විට කඩා විනාශ කර ඇති බව එම පදනමේ නිලධාරින් විසින් මෙම රැස්විමේදි පැවසිය.

එම මාර්ගයේ පානිය ජල බෝතල් අලෙවි කරන ඇතැම් වෙලදසැල් හිමියන් විසින් මෙම ක්‍රියාව සිදු කරන බවට නැගුණු චෝදනාවක් මත නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය, රැගෙන යාම තහනම් කල අතර, එම තිරණයට පටහැනිව කටයුතු කරන වෙලදසැල් වල බලපත්‍ර අවලංගු කිරිමට තිරණය කෙරිණ.

මේ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාව විසින් අධික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ලබන මස (14) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේව ආභරණ සහ පුජා භාණ්ඩ (12) දින පිටතට වඩමම්මවා එදින විශේෂ ආගමික වාතවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (13) දින අලුයම රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්, රත්නපුර පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ වැඩම කිරිමට නියමිතය බවයි ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.

මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථාන පුජනිය ස්ථානයක් ලෙස සලකා පරිසරය ආරක්ෂා කර ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසට උන් වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිහ.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට දුම්රිය ලංගම ඒකාබද්ධ සේවයක් ආරම්භ කර ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින් පැවසිය.

මෙම සාකච්ඡාවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතරා ගමගේ මහත්මිය, හැටන් පොලිස් කොට්ඨාශයේ සියළුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *