ගජ මුතු සමග හිමි නමක් අත්අඩංගුවට!.November 06/2024

asianewsplusone.com sfmnewslk.com

මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් රු ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි එම හිමි නම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් රු ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින් සති දෙකක තුනක් කාලයක් විමර්ශනය කොට උපාය දූතයෙකු ලෙස පෙනී සිට එම පුද්ගලයා සමග දුරකථනයෙන් whatsapp යෙදුම මගින් සම්බන්ධ වී ඇත්දල කොටස් වලින් සෑදූ ගජමුතු දෙකක් ලක්ෂ 30 විකිණීමට ඇති බවට සාකච්ඡා කර ගන්නා ලදී.අනතුරුව එම පුද්ගලයා විසින් ඒ මිලදී ගැනීම සඳහා ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණෙන ලෙස දන්වා සිටී.ඒ අනුව වනජීවීන් නිලධාරී කණ්ඩායම 2024-11-05 දින අදාළ විහාරස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී ගජ මුතු විකිණීමට පැමිණියේ චීවරධාරියෙක් බැවින් වරද පහදා දී අත්අඩංගුවට ගන්නා ලදී. 2024 -11-06 දින ගල ගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.විමර්ශන කටයුතු ඉදිරියට
2024.11.08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *