නුවරඑළිය වසන්ත උදානය නිල වශයෙන් ආරම්භ වේ!

නුවරඑළිය වසන්ත උදානය නිල වශයෙන් ආරම්භ වේ!

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්ත සැණකෙලියේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට ඊයේ (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙවර සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ස්ප්‍රිංෆෙස්ට් 2024 මැයෙන් නම් කර තිබිණ. වසන්ත උදානය සමාරම්භය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම නුවරඑළියේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් හා නුවරඑළිය අතිරේක දිසාපති සුජීවා බෝධිමාන්න මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය
මෙහිදි නුවරඑළිය පාසල් සහ විවිධ සංවිධාන විසින් විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,නුවරඑළිය මහ දිසාපති නන්දන ගලබොඩ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *