November 2, 2024
වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට පොරොන්දු රැසක් කියා ජනතාවගේ අපේක්ෂා ඉහළ තලයට ගෙන ආ බවත් රටේ බහුතර ප්‍රශ්න කඩිනමින් විසදන්න පුලුවන් යැයි කියු බවත් බලයට පැමිණි පසු ඒවාට විසදුම් දෙන්න පුලුවන් යැයි කිව්වත් ජනාධිපති ලෙස පත්වු පසු පොරොන්දු වලින් ඇත් වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
විදුලි බිල 66%කින් අඩු කළ හැකි යැයි පැවසුවත් එය සිදු නොකළ බවත් ඒ සදහා මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් විදුලි බිල වැඩි දූෂණය නිසා යැයි කිව්වත් අද වන තුරු විදුලි බිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් ජනතා අපේක්ෂා ඉහළට ගෙනවිත් එම පොරොනදු කඩ කර ජනතා අභිලාෂයන් විනාශ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කැස්බැවේ පැවැති ජන හමුවක් අමතමිනි
asianewsplusone.com sfmnewslk.com




