හිටපු ඇමතිවරුන්ට වැඩ වරදින ලකුණුOctober 29, 2024

asianewsplusone.com sfmnewslk.com

හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

අදාළ නිල නිවාස සම්බන්ධ මූලික පරීක්ෂාවන් සිදු කර අවසන් කර ඇති බවය එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේග

එහිදී නිල නිවසට අයත් ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කර ඇතැයි සඳහන් වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ජල – විදුලි ඇතුළු සියලු බිල්පත්වල ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසු නිල නිවාස භාරදෙන්නැයි, හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කිසිදු හිඟ මුදලකින් තොරව නිල නිවාස භාරගන්නා බව ද අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, මෙතෙක් භාරනොදුන් නිල නිවාස හෙට වනවිට භාරදීමට කටයුතු කරන්නැයි, දැනුම් දී ඇති බවයි.

එසේ නොවන්නේ නම්, නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *