නොවැම්බර් 03 වැනිදා විශේෂ දිනයක් වෙයි2024 ඔක්‍තෝබර් 29,

asianewsplusone.com sfmnewslk.com

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වන ඉරිදා දිනය නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඊයේ දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද දිනයේ ආරම්භ වුණා.

ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *