October 27, 2024
asianewsplusone.com sfmnewslk.com
කණ්ඩායමේ සාමාජිකත්වය රාජ්‍යයන් නවය ලෙස පවත්වා ගැනීමට ගත් තීරණය සැළකිල්ලට ගනිමින්, බ්‍රික්ස් සංවිධානයට(BRICS) පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්කළ ඉල්ලුම්පත්‍රය පිළිගෙන නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ‘සන්ඩේ ටයිම්ස්’ වෙත හෙළිකර ඇත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට හවුල්කාර සාමාජික රටක් ලෙස එක්වීමට අවසර ලබා දී ඇති බව ඔහු පවසා තිබේ.
සාමාජික රටවලට මූල්‍ය ආධාර සපයන BRICS හි නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට ද ශ්‍රී ලංකාවට අවසර ලබා දී ඇති බව ඇමැතිවරයා සඳහන් කර ඇත.
ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් නුදුරේදීම අනුමත කරනු ඇත.
BRICS යනු ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපල ආර්ථිකයන්හි බලවත් සමූහයකි.
BRICS සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ.
ලබන වසරේ BRICS හි සභාපතිත්වය බ්‍රසීලය භාරගනු ඇත.