පොස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකු වාහනයක් සමඟ අත්අඩංගුවටOctober 27, 2024

asianewsplusone.com sfmnewslk.com

දමිල ප්‍රගතිශිලි සන්ධානයෙන් මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කරන අපෙක්ෂකයන් තිදෙනෙකුගේ පොස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකු ලිදුල පොලිසිය විසින් (27) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

තලවකැලේ ප්‍රදේශයේ පදිංචි සැකකරු ඔහුගේ වෑන් රථයකින් තවත් පිරිසක් සමග පැමිණ ලිදුල පොලිස් වසමට අයත් ෆාමස්ටන් ප්‍රදේශයේ පොස්ටර් අලවමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කල බවත්, එම අවස්තාවේ අනෙක් සැකකරුවන් එම ස්ථානයෙන් පලා ගිය බවයි ලිදුල පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

වෑන් රථයේ රියදුරාද පොස්ටර් අලවමින් සිටි බවත්, සැකකරු අත්අඩංගුවට ගත් අවස්තාවේ වෑන් රථය තුල එම අපෙක්ෂකයන් තිදෙනාගේ පොස්ටර් සහ කාඩ්පත් කිහිපයක් තිබි හමු වු බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *